නිවාස සහ දේපළ මිල ඉහළට

ඔස්ට්‍රේලියාවේ නිවාස සහ දේපළ මිල පසුගිය වසරේදී වැඩි වී තිබෙනවා.

එය වසර පුරාම අඛණ්ඩව සිදුවූ බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

ආර්ථික වශයෙන් ඔස්ට්‍රේලියාව දැඩි අර්බුද රැසකට පසුගිය වසරේදී මුහුණ දී තිබුණා.

උද්ධමනය වැඩිවීම පොලි අනුපාත ය වැඩි කිරීම ආදිය නිසා ජනතාවගේ ජීවන වියදම අනපේක්ෂිත ලෙස වැඩි වූ බවයි කෝලොජික් පර්යේෂණ අධ්‍යක්ෂ ටිම් ලෝලස් පෙන්වා දෙන්නේ.

එවැනි තත්ත්වයකදී ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපල මිල සියයට 8 දශම 1 කින් වැඩි වී තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ සිට ඇඩිලේඩ්, බ්‍රිස්බේන් සහ පර්ත් වල නිවාස හා දේපල මිල මාසයකට සියයට එකකින් පමණ වැඩි වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ජූනි මාසයේදී කෑෂ් රේට් වැඩි වීමත් සමඟ මෙල්බන් සහ සිඩ්නි ආශ්‍රිතව නිවාස මිල වැඩිවීම මන්දගාමී වී තිබෙනවා.

හොබාර්ට් සහ ඩාවින් වල දේපල හා නිවාස මිල අඩුවී ඇති බවයි, කෝලොජික් වාර්තාව සඳහන් කරන්නේ.

පවතින තත්ත්වය යටතේ මේ වසරේදී නැවතත් මිල වැඩි වනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »