වික්ටෝරියාහි වසර 15 කට පසු වැඩිම රිය අනතුරු මරණ

මෝටර් රථ පැදවීමේදී අවධානය යොමු කරන්නැයි වික්ටෝරියා පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.

වසර 15 කට පසු මාර්ග අනතුරු හේතුවෙන් සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව පසුගිය වසරේදී වාර්තා වුණා.

පොලිසිය කියා සිටින්නේ සංඛ්‍යාව දෙසිය අනූ හයක් බවයි.

දෙදහස් අට වසරේ දී පුද්ගලයන් 303 දෙනෙකු මාර්ග අනතුරු හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ මිය ගොස් තිබුණා .

ඉන් වසර පහළවකට පසු තුන්සියයකට ආසන්න පිරිසක් පසුගිය වසරේ මිය ගොස් තිබෙන බව හෙළිවුණා.

වේග සීමා පිළිනොපැදීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතය, ආසන්න පටි නොපැළඳීම සහ ජංගම දුරකථන රිය පදවන අතර භාවිත කිරීම අනතුරු රැසකට හේතු වී තිබෙනවා.

පොලිසිය කියා සිටින්නේ මෝටර් රථවල ගමන් ගන්නා මගීන් මෙන්ම මාර්ගවල ගමන් ගන්නා සෙසු පිරිස් ද ආරක්ෂා කිරීමේ වගකීම රියදුරන්ට පවතින බවයි.

ඒ නිසා මෝටර් රථ වාහන ධාවනයේදී අවධානයකින් ක්‍රියා කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »