
ඔස්ට්‍රේලියා ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ලෝක කුසලානය ජයගැනීම සමග එක්දින පිටියෙන් සමුගැනීම සතුටක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
2009 දී එක්දින පිටියට පිවිසි වෝනර් ජාත්‍යන්තර තරග 161 කදී ලකුණු 6932 ක් රැස්කර තිබෙනවා.

එය ඔස්ට්‍රේලියා ක්‍රීඩකයන් අතර වැඩිම එක්දින ලකුණුවල හයවන ස්ථානය බවයි සඳහන් වෙන්නේ.
ඩේවිඩ් වෝනර් ටෙස්ට් පිටියෙන් ද සමුගන්නා අතර ඔහුගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය පාකිස්ථානයට එරෙහිව අනිද්දා ආරම්භ වෙනවා.
