ඔස්ට්‍රේලියා ඩේ සැමරුම් අත්හිටුවීම සාධාරණ බවට මත

ඔස්ට්‍රේලියා ඩේ සැමරුම් අත්හිටුවීම සාධාරණ ක්‍රියාවක් බව පරිපාලන සභා කිහිපයක නියෝජිතයින් පවසනවා.

සභා අසූවකට වැඩි සංඛ්‍යාවක සැමරුම් අත්හිටුවීමටයි තීරණය කර තිබෙන්නේ.

සැමරුම් අත්හිටවූ සභාවලින් වැඩි සංඛ්‍යාවක් අයත් වන්නේ වික්ටෝරියා සහ  නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වලට.

එය සිදුවන්නේ අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් බවටයි විපක්ෂ සන්ධානය චෝදනා කරන්නේ.

ඡායා සංක්‍රමණික අමාත්‍ය ඩෑන් ටෙහාන් කියා සිටින්නේ ඔවුන් බලයට පත් වූ විගස ඔස්ට්‍රේලියා ඩේ සැමරුම් නැවත ඇරඹීමට පියවර ගන්නා බවයි. 

ඔස්ට්‍රේලියා ඩේ යෙදී තිබෙන්නේ ජනවාරි 26 වන දාට. 

එය බොහෝ පිරිසකට වේදනාත්මක දිනයක් බවත්, සහයෝගීතාවයේ හෝ ඒකාබද්ධතාවයේ දිනය නොවන බවත්, එය කනගාටුදායක දිනයක් බවත් සිටි ඔෆ් සිඩ්නි සභා නියෝජිතයෙක් පෙන්වා දෙනවා.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »