වික්ටෝරියාහි 30 ක් අත්අඩංගුවට

නව වසර උදාවත් සමග විවිධ වැරදිවලට සම්බන්ධ 30 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බවයි, වික්ටෝරියා පොලීසිය පවසන්නේ.

පහරදීම්, ලිංගික හිංසන, මාර්ග නීති උල්ලංඝනය ඇතුළු සාධක කිහිපයක් මත ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවි ආයුධ 26 ක් සොයාගැනීමට ද වික්ටෝරියා පොලීසිය සමත් වූ බව සඳහන්.

එහෙත් නව වසර උදාවේදී බහුතර පිරිසක් විනයවත්ව සහ වගකීමෙන් යුතුව හැසිරී ඇති බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.

නව වසර උදාව සැමරුම් වැඩසටහන් ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගැටුම් සහ ගැටලු රැසක් අවම වූ බව ද පොලිසිය පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »