
අඩු හා මධ්‍ය ආදායම් ලබන පුද්ගලයන් වෙත තවත් සහන සැලසීමට අවධානය යොමු කර ඇති බවයි, අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසන්නේ.
නව වසරේදී ජනතාවට විවිධ සහන ලබාදීමට රජය තීරණය කළා.
ඊට අමතරව තවත් සහන අඩු හා මධ්‍ය ආදායම්ලාභීන්ට ලබාදීමට අවධානය යොමු කර ඇති බවයි අගමැතිවරයා සඳහන් කරන්නේ.

උද්ධමනය අඩු කිරීමත්, රැකියා සුලභ කිරීමත්, වැටුප් වැඩිකිරීමත් රජයේ අපේක්ෂාව වී තිබෙනවා.
එමගින් අඩු හා මධ්‍ය ආදායම්ලාභීන්ගේ ජීවන තත්ව වර්ධනය කළ හැකි බවයි රජය විශ්වාස කරන්නේ.
