
කාබන් විමෝචනය අවම කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට ලේබර් රජයට නොහැකි වූ බවට චෝදනා නැගෙනවා.
පසුගිය වසර අවසන් වනවිට කාබන් විමෝචනය අවම කිරීමේ සැලසුම් රජය ප්‍රකාශයට පත් කර තිබුණේ කලකට පෙර බවයි වාර්තා වෙන්නේ.
එහෙත් එම ප්‍රතිඥා ඉටු කිරීමට ඇන්තනි ඇල්බනීස් ගේ රජය අසමත් වී තිබෙනවා.

ඉලෙක්ට්‍රික් මෝටර් රථ භාවිතය වැඩිකිරීමට සැලසුම් කළ ද පසුගිය වසරේදී අලෙවි වූ රථවාහන වලින් ඉලෙක්ට්‍රික් රථ ඇත්තේ සියයට 8 ක් පමණක් බවයි වාර්තා අනුව තහවුරු වෙන්නේ.
ඒ අනුව රජය ප්‍රතිපත්තිමය පොරොන්දු ඉටුකර නැතැයි, ස්වාධීන පාර්ලිමේන්තු නියෝජිත කයිලි ටින්ක් පෙන්වා දෙනවා.
