අගමැතිගෙන් සුබපැතුම්.

අභියෝගාත්මක වසරක් ගෙවී උදාවූ නව වසර සමස්ත ඔස්ට්‍රේලියා ජනතාවට සුබ නව වසරක් වේවායි අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සුබ පැතුම් එක් කළා.

ගෝලීය තත්ත්ව හමුවේ ඔස්ට්‍රේලියාවට අභියෝග රැසක් මතුවුණා.

එම අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා ඔස්ට්‍රේලියා ජාතිකයන් සෑම විටම ක්‍රියාකරන ආකාරයට සාමූහිකව නැගි සිටි බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

සුබවාදී, අධිෂ්ඨානශීලි සහ සාධාරණත්වයෙන් යුතු ප්‍රජාවක් ලෙස ඔස්ට්‍රේලියාවට සංස්කෘතික පැවැත්මක් ඇති බවද අග්‍රෑමාත්‍යවරයා නව අවුරුදු සුබ පැතුම සමග සඳහන් කළා. 

ඉදිරි වසර තුළ පෘථිවියේ විශිෂ්ටතම රට බවට ඔස්ට්‍රේලියාව පත් විය යුතු බවයි ඔහුගේ අදහස.

 

 

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »