අද සිට නොමිලේ එන්නත්

ඔස්ට්‍රේලියා ජාතිකයන්ට නොමිලේ එන්නත් ලබාදීම අද සිට ආරම්භ වනවා.

ඒ යටතේ කිසිදු පරිපාලන ගාස්තුවකින් තොරව එන්නත් ලබාගත හැකි බවයි ෆෙඩරල් රජය පවසන්නේ.

කමියුනිටි ෆාමසි වලින් එන්නත් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන්නේ රජයේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ.

ක්‍රියාමාර්ගය මගින් ජනතාවගේ මුදල් සහ කාලය ඉතිරි වන බවත් රජය පෙන්වා දෙනවා.

රට පුරා ඇති කමියුනිටි ෆාමසි 6000 කින් ජනතාවට සේවය සැලසීමයි රජයේ අපේක්ෂාව.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »