
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ගේ ගණන වැඩි වීමත් සමඟ නිව් සවුත් වේල්ස්-වික්ටෝරියානු දේශ සීමා වසා දැමේ.
අද දිනයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ ගත වූ පැය 24 පුරාවට වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් ගණන 8ක් දක්වා වර්ධනය වී ඇත. ඒ පුවතත් සමඟම වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් නිව් සවුත් වේල්ස්-වික්ටෝරියානු ප්‍රාන්ත දේශ සීමා වසා දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව,වික්ටෝරියානු රජය විසින් සිකුරාදා(1/1) රාත්‍රී 11.59 ට නිව් සවුත් වේල්ස්හි දේශ සීමාව වසා දමන බවට නිවේදනය කර ඇත.

මේ අතර, Wollongong සහ Blue Mountains ප්‍රදේශවල සිට නැවත පැමිණෙන අය නව බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ යුතු අතර ඔවුන්ට නැවත පැමිණීමට බ්‍රහස්පතින්දා(31/12) මධ්‍යම රාත්‍රිය දක්වා කල් දී ඇත.
බ්‍රහස්පතින්දා රාත්‍රී 11.59 වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අඩු අවදානම් කලාප වල සිට පැමිණෙන වික්ටෝරියානුවන්ට කොරෝනා පරීක්ෂාවට ලක් කර ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තෙක් හුදෙකලා විය යුතුය.

කෙසේ වෙතත්, සිකුරාදා දින එවැනි කලාපයක සිට පැමිණෙන පුද්ගලයින් දින 14ක් නිවසේ ස්වයං නිරෝධායනයට ලක් විය යුතුය.
සිකුරාදා මධ්‍යම රාත්‍රියෙන් පසු නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දේශ සීමාවෙන් වික්ටෝරියාවට ඇතුළුවීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට දේශසීමා වසා දමනු ඇත.
(7News)