
වසර 2016 ට පසු මාර්ග අනතුරුවලින් වැඩිම මරණ පසුගිය වසරේ සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.
ඔස්ට්‍රේලියාවෙහි පුද්ගලයන් එක්දහස් දෙසිය පනහකට වැඩි පිරිසක් මාර්ග අනතුරු වලින් පසුගිය වසරේදී මිය ගොස් තිබෙනවා.
බීමත් බව, මහන්සිය සහ ආසන පටි නොපැළැඳීම මරණ වැඩි සංඛ්‍යාවකට හේතුවී ඇති බවයි ප්‍රවාහන අනතුරු කොමිසමේ ප්‍රධාන විධායක සමන්තා කොක්ෆිල්ඩ් පවසන්නේ.

වැඩිම රිය අනතුරු වර්ධනය සිදුව ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ.
එය සියයට 26 ක් බවයි සඳහන් වෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙහි අනතුරු වැඩිවීම සියයට විසිහතරක් බවයි සඳහන්ව ඇත්තේ.
නව වසරේ දී රිය අනතුරු අවම කර ගැනීමේ අභියෝගය ඔස්ට්‍රේලියාව වෙත ඇති බවයි කොක්ෆිල්ඩ් පෙන්වා දෙන්නේ.