Search

ඔස්ට්‍රේලියාවේ නව සංශෝධන රැසක්

නව සංශෝධන රැසක් අද සිට ඔස්ට්‍රේලියාවේ ක්‍රියාවට නැංවෙනවා.

ජනතාවගේ ජීවන තත්ත්ව වර්ධනය කිරීම සංශෝධනවල අරමුණ බවයි රජය  පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීමේ සැලසුම් රජය සකසා තිබෙනවා.

ඒ අනුව දීමනා වැඩිකර ඇති බවයි සඳහන් වන්නේ.

සමාජ සුභසාධන දීමනාද වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒවායෙහි ප්‍රතිලාභ ලක්‍ෂ දහයකට ආසන්න ඔස්ට්‍රේලියා ජාතිකයන්ට ලැබෙන බවයි සඳහන් වෙන්නේ.

තරුණයන් සඳහා වූ දීමනාව, අධ්‍යයන දීමනාව, ආබාධිත පුද්ගලයන් සඳහා වූ විශ්‍රාමික දීමනා සහ වෙනත් සියලු දීමනා නව සැලසුම යටතේ අද සිට වැඩි කෙරෙනවා.

විශ්‍රාමිකයන්ගේ ඉපයීම් සීමාවකට යටත්ව නිදහස් කිරීමට ද තීරණය කර තිබෙනවා.

මහජන සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරමින් වේප් භාවිතය තහනම් කිරීමද රජයේ ක්‍රියා මාර්ගයක්.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »