
2024 නව අවුරුදු උදාව උත්කර්ෂවත්ව සැමරීමට ඔස්ට්‍රේලියාව පියවර ගත්තා.
ප්‍රධාන නගර ආශ්‍රිතව සැණකෙළි සංවිධාන කර තිබූ බවයි සඳහන් වෙන්නේ.
මධ්‍යම රාත්‍රිය ඉකුත් වනතුරු ගිණිකෙළි සංදර්ශන බොහෝ ස්ථානවල සංවිධාන කෙරුණා.

ඒවා නැරඹීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් ප්‍රධාන නගර වලට රැස්වූ බවයි වාර්තා වන්නේ.
ඔවුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහන් රැසක් ෆෙඩරල් සහ ප්‍රාන්ත පොලීසි එක්වයි ක්‍රියාවට නංවා තිබුණේ.

ප්‍රවාහන සේවා ද اසැලසුම් කර තිබූ අතර බොහෝ ප්‍රාන්තවල මගීන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමට ද පියවර ගෙන තිබෙනවා.
මෙල්බන් නගරය ආශ්‍රිතව මහජන සැමරුම් කලාප හතරක් ස්ථාපනය කෙරුණා.
ඒවාට විශාල පිරිසක් රැස්වූ බවයි වාර්තා වෙන්නේ.
අවශ්‍ය පහසුකම් ද සැලසූ බවයි බලධාරීන් සඳහන් කළේ.