
ජනවාරි 26 Australia day සැමරුම සාම්ප්‍රදායිකව නැවත ආරම්භ කිරීමට සූදානම් බව ඔස්ට්‍රේලියා ඒකාබද්ධ සන්ධානය පවසනවා.
වත්මන් අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ මැදිහත් වීම මත සැමරුම් උත්සව නොපැවැත්වීමට විවිධ ප්‍රාදේශීය පරිපාලන සභා තීරණය කර ඇති බවටයි සන්ධානයේ චෝදනා කරන්නේ.
එහෙත් තම බලය සහිත රජයක් යටතේ නැවතත් ඔස්ට්‍රේලියා ඩේ සැමරුම සාමාන්‍ය පරිදි පැවැත්වීමට සූදානම් බවයි ඡායා සංක්‍රමණික අමාත්‍ය ඩෑන් ටෙහාන් පෙන්වා දෙන්නේ.

ජනවාරි 26 වනදාට යෙදෙන ඔස්ට්‍රේලියා ඩේ සැමරුම නොපැවැත්වීමට ප්‍රාදේශීය පරිපාලන සභා අසූ එකක් දැනට තීරණය කර තිබෙනවා.
එය ජනතා මතයට විරුද්ධ ක්‍රියාවලියක් බවටත් ඩෑන් ටෙහාන් විශ්වාස කරනවා. එවැනි තත්ත්වයක් යටතේ සන්ධානය විසින් පිහිටුවන රජයකදී ඔස්ට්‍රේලියා ඩේ සැමරුම් අඛණ්ඩව සිදු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
