ස්වාභාවික ආපදා සම්බන්ධ තොරතුරු දැනුම් දීමේ නව ක්‍රමවේදයක්

ස්වාභාවික ආපදා සම්බන්ධ තොරතුරු දැනුම් දීමේ නව ක්‍රමවේදයක් ලබන වසරේදී ක්‍රියාවට නංවන බව ඔස්ට්‍රේලියා රජය  පවසනවා.

ඒ සම්බන්ධව පාර්ශව කිහිපයක් සමග අදහස් හුවමාරු කරගන්නා බවයි ආපදා කළමනාකරණ අමාත්‍ය මරේ වොට් පවසන්නේ.

කාලගුණය අවිනිශ්චිත ලෙස වෙනස් වී තිබෙනවා.

ඊට සමගාමීව අනතුරු ඇඟවීම් පද්ධතිද  වෙනස් විය යුතු බවයි අමාත්‍යවරයාගේ අදහස.

ක්වීන්ස්ලන්ඩ් සහ වෙනත් ප්‍රදේශ කිහිපයක ස්වාභාවික අනතුරු සම්බන්ධ යෙන් නිවැරැදි අනාවැකි ලබාදීමට කාලගුණ කාර්යාංශය අපොහොසත් වූ බවට චෝදනා නැගී තිබෙනවා.

ඊට අවධානය යොමු කරමින් අමාත්‍යවරයා කියා සිටින්නේ ඉදිරියේදී නිවැරදි දත්ත සැපයිය හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි.

පාරිසරික දත්ත අනාවැකි බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය  වඩාත් විද්‍යාත්මක විය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

ඒ සඳහා පාර්ශව ගණනාවක  සහාය ලබාගත යුතු බවයි ඔස්ට්‍රේලියා රජයේ අදහස වී තිබෙන්නේ.

ඒ අනුව ලබන වසර ඇතුළත වඩාත් නිවැරදි දත්ත සැපයීමේ ක්‍රමවේදයක් සහ පණිවුඩ ලබා දීමේ ක්‍රමයක් සකසන බවට අමාත්‍යවරයා ජනතාවට සහතික වනවා

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »