දුම්පානය සම්බන්ධ නව නීති හෙට සිට

දුම්පානය සම්බන්ධ නව නීති ඔස්ට්‍රේලියාව තුළ හෙට සිට ක්‍රියාත්මක වෙනවා.

ඒ අනුව නිකොටින් සහිත වේප් හෙවත් කෘත්‍රිම දුම් ඉරීමේ විද්‍යුත් උපකරණ ආනයනය තහනම් කෙරෙන බවයි රජය පවසන්නේ.

එහෙත් දුම්වැටි ඇබ්බැහියෙන් පුද්ගලයන් ඉවත් කිරීම සඳහා වෛද්‍ය නිර්දේශයක් මත ඒවා භාවිත කිරීමට හැකි බව ද රජය පෙන්වා දෙනවා.

කෘත්‍රිම දුම් ඉරීමේ උපකරණ ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය වෙමින් පැවති බවයි හෙළිව තිබෙන්නේ.

වාර්තා පෙන්වා දෙන්නේ, අවුරුදු 18 ත් 24 ත් අතර පිරිසෙන් සියයට 25 ක් විද්‍යුත් දුම් ඉරීමේ උපකරණවලට ගොදුරුව ඇති බවයි.

අවුරුදු 14 සිට 17 දක්වා වයස් කාණ්ඩය ද ඊට ගොදුරු වෙමින් පවතින බව හෙළිවුණා.

එවැනි ගැටලු හේතුවෙන් වේප් තහනම් කිරීමට රජය තීරණය කළ බවයි, සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් පෙන්වා දෙන්නේ.

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

NSW පොලිසියට එරෙහිව ජනතාව තීරණයක් ගනී

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පොලිසියට එරෙහිව සාමාන්‍ය ජනතාව විසින් පැමිණිලි 26,000කට වැඩි ප්‍රමාණයක් ගොනු කර ඇති බවට නව දත්ත මගින් හෙළිවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට විශේෂ දැනුම්දීමක්

සමස්ත රට පුරා ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන්ගේ වැඩිවීමක් පවතින බැවින් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

Read More »