ගුවන් යානයක ප්‍රචණ්ඩකාරීව හැසිරුණු අයෙක් අත්අඩංගුවට

බාලි සිට මෙල්බන් දක්වා පියසර කළ ගුවන් යානයක ප්‍රචණ්ඩකාරීව හැසිරුණු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පවසනවා.

ගුවන් යානය පියසර කරමින් තිබියදී හදිසියේ නැගී සිටි මගියා හඬ නගමින් බැණ වැදුණු බවත්, වෙනත් මගීන් කිහිපදෙනකුට පහරදීමට උත්සාහ කළ බවත්, ක්වන්ටාස් ගුවන්යානයේ කාර්ය මණ්ඩලය සඳහන් කර තිබෙනවා.

කාර්ය මණ්ඩලයේ සාමාජිකාවන්ට ද තර්ජනය කිරීමට ඔහු ක්‍රියා කර ඇති බවයි සඳහන්.

පසුව කාර්ය මණ්ඩලය සහ මගීන් එක්ව ඔහු පාලනය කර, ගුවන් යානය මැද බිම පැය කිහිපයක් රඳවාගෙන තිබෙනවා.

මෙල්බන් ගුවන් තොටුපළේ දී ෆෙඩරල් පොලීසිය වෙත සැකකරු භාර දී තිබෙන අතර ඔහුගෙන් ප්‍රශ්න කෙරෙනවා.

පොලීසිය කියාසිටියේ මෙතෙක් ඔහුට චෝදනා ගොනුකර නැති බවයි.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »