ජීවන වියදම අඩු කිරීමට ක්‍රියාමාර්ග

ලබන වසරේ දී ජීවන වියදම අඩු කිරීම අරමුණ බව ඔස්ට්‍රේලියා රජය පවසනවා.

ඒ සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වා දෙන බවයි අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කළේ.

බදු සහන ජනතාව වෙත ලබාදීම ජූලි මාසයේ සිට ආරම්භ කෙරෙනවා.

වැඩිහිටි සහ විශ්‍රාමික දීමනා සංශෝධනය ද අරමුණක්. 

ලක්ෂ 9 ක තරුණ ප්‍රජාව වෙනුවෙන් දීමනා සියයට 6 කින් වැඩි කෙරෙනවා. 

අධ්‍යාපනය සඳහා අවස්ථා වර්ධනය කරමින් නිදහස් පාඨමාලා රැසක් හඳුන්වාදීමට රජය අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. උද්ධමනය අඩු කිරීම සඳහා ද සැලසුම් රජයට පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »