ඇමරිකා කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක්

පලස්තීන ආධාරකරුවන් මෙල්බන් ඇමරිකා කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

වීදුරු දොරකට ඔවුන් හානි කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මීට පෙර කැරොල්ස් බයි කැන්ඩ්ල්ලයිට් ප්‍රසංගයට බාධා එල්ල කළ පිරිස මෙම සිදුවීමටද සම්බන්ධ බවටයි විශ්වාස කෙරෙන්නේ.

විරෝධතාකරුවන්  විසින් පටිගත කරන ලද දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණු බවත් සඳහන්.

සිදුව ඇති හානි සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා ෆෙඩරල් සහ වික්ටෝරියා පොලිසිය එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »

කවුරුත් නොදන්න වෛරස් ආසාදනයක් ගැන දැනුවත් කිරීමක්

වේදනාකාරී කුෂ්ට ඇතිකරන වෛරස් ආසාදනයක් වන ශිංගල්ස් (Shingles) පිළිබඳ ඔස්ට්‍රේලියානුවන්ගේ දැනුවත්භාවය අවම බව නවතම සමීක්ෂණයකදී හෙළිව තිබෙනවා.

Read More »