ඔස්ට්‍රේලියා නව ආරම්භක පිතිකරු කොදෙව් තරගාවලියට පෙර

ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව ආරම්භක පිතිකරු නම් කිරීම බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියට පෙර සිදු කරන බව පුහුණුකරු ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් පවසනවා. 

වර්තමාන ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සිඩ්නිහිදී ලබන සතියේ ඇරඹෙන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව නව ආරම්භක පිතිකරු නම් කිරීමට සූදානම් බවයි ඔස්ට්‍රේලියා පුහුණුකරු පවසන්නේ.

ක්‍රීඩකයන් හය දෙනෙකු කෙරෙහි අවධානය යොමු කර ඇති බව සඳහන් කරන ඔහු, කැමරුන් ග්‍රීන් එක් විකල්පයක් ලෙස හඳුන්වා දී තිබෙනවා.

කැමරුන් බැන්ක්‍රොෆ්ට්, සහ මැට් රේන්ශෝ ද අවධානයට ලක්වූ ක්‍රීඩකයන් ලෙසයි දැක්වෙන්නේ.

සියයට හැත්තෑවක පමණ ප්‍රහාරක වේගයක් පවත්වා ගන්නා ලකුණු සාමාන්‍ය හතළිස් පහක රැඳී සිටින ආරම්භක පිතිකරුවකු සොයා ගැනීම එතරම් පහසු නැති බවයි ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් සඳහන් කරන්නේ. 

එවැනි දස්කම් දැක්වූ ඩේවිඩ් වෝනර් තරග රටා තුනෙහිම  විශිෂ්ටයෙකු බවද මැක්ඩොනල්ඩ් පෙන්වා දී තිබෙනවා.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »