අද සහ හෙට ප්‍රදේශ කිහිපයකට වර්ෂාව

අද සහ හෙට දිනය සම්බන්ධ කාලගුණ අනාවැකි ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ප්‍රදේශ කිහිපයකට වර්ෂාව ඇතිවන බවත් අකුණු වාර්තා විය හැකි බවත් එහි සඳහන් වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයට දින දෙකේදීම සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් පවතින බවයි දැක්වෙන්නේ. 

ප්‍රදේශ කිහිපයකට සුළු වර්ෂාවක් ඇතිවිය හැකි බව කාලගුණ කාර්යාංශය පෙන්වා දී තිබෙනවා.

එහෙත් සෙසු ප්‍රදේශ වෙත හිරු එළිය ලැබෙන සාමාන්‍ය දිනයක් බවයි විශ්වාස කෙරෙන්නේ.

වික්ටෝරියා හි උෂ්ණත්වය අද දිනයේදි සෙල්සියස් අංශක විසි එකක උපරිමයක් පවතින අතර හෙට අඊශක විසි පහ දක්වා  වැඩිවන බවත් හිරු එළිය හොඳින් ලැබෙන බවත් සඳහන්.

තස්මේනියාවට සහ සවුත් ඔස්ට්‍රේලියා වෙතද එවැනි කාලගුණ තත්ත්වයක් පවතින බවයි වාර්තා වන්නේ.

වෙස්ටන් ඔස්ට්‍රේලියා හි ප්‍රදේශ කිහිපයකට වර්ෂාව සහ තද සුළං ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා.

ඇතැම් ප්‍රදේශවලට සෙල්සියස් තිහක පමණ උෂ්ණත්වයක් වාර්තා වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

නෝදන් ටෙරිටරි හි ප්‍රදේශ කිහිපයකට දැඩි වර්ෂාපතනයක් සහ සුළං සමග අකුණු ඇති විය හැකි බවටයි අනාවැකි පලව ඇත්තේ.

කැන්බරා නගරයට හිරු රැස් හොඳින් පතිතවන, උණුසුම් තත්ත්වයක් සති අන්තයේ පවතින බව කාලගුණ අංශ පෙන්වා දී තිබෙනවා. 

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »