
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දුර්වල නායකත්වයක් අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රදර්ශනය කරන බවට චෝදනා නැගෙනවා.
ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ඔස්ට්‍රේලියා ජනතාවට බවයි ඡායා ස්වදේශ අමාත්‍ය ජේම්ස් පැටර්සන් පවසන්නේ.
භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා සඳහා රතු මුහුදේ ගමන් මාර්ගය විවෘත කර ගැනීම ඔස්ට්‍රේලියාවට අතිශය වැදගත් වෙනවා.

එහෙත් ඊට වත්මන් අග්‍රාමාත්‍යවරයා කිසිදු මැදිහත් වීමක් නොකිරීම ජාතික ආරක්ෂාව අනතුරට හෙළීමක් බවයි පැටර්සන් ගේ අදහස.
රතු මුහුද මග හරිමින් ඔස්ට්‍රේලියාව වෙත භාණ්ඩ ප්‍රවාහනයට නෞකාවලට සිදුව තිබෙනවා.

එය ප්‍රවාහන හා භාණ්ඩ මිල වැඩිවීමට හේතුවන බවයි පැටර්සන් පෙන්වා දී තිබෙන්නේ. එවැනි තත්ත්වයකින් ඔස්ට්‍රේලියාව මුදා ගත හැකි නායකත්වයක් වත්මන් අග්‍රාමාත්‍යවරයාගෙන් නොලැබෙන බවටයි ඔහු චෝදනා නගන්නේ.