මෙල්බන්හි ශ්‍රී ලාංකිකයෙකු හදිසි අනතුරකින් ජීවිතක්ෂයට

මෙල්බන්හි ජීවත් වූ ශ්‍රී ලාංකිකයෙකු වූ මහේන් අමරසිංහ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ වන විට තිස්නව වන වියේ පසුවූ ඔහු කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු අයෙක්.

ඉතා සුහදශීලී පුද්ගලයෙකු ලෙස ප්‍රකට මහේන් සමාජ සේවා කාර්යවලටද දැක්වූයේ දැඩි උනන්දුවක්.

හදිසි අනතුරින් ඔහු අභාවයට පත්වීමත් සමග මූල්‍ය ගැටලු රැසක් මතුව ඇති බවයි සඳහන් වෙන්නේ.

ඔහුගේ අවමංගල්‍යය කටයුතු සහ රෝගීව සිටින දෙමාපියන්ගේ වියදම් සඳහා මූල්‍යාධාර අවශ්‍යව තිබෙනවා.

ඒ සඳහා මෙල්බන්හි සිටින ශ්‍රී ලාංකිකයන් අරමුදලක් පිහිටුවා ඇති බවයි සඳහන්.

ඒ අනුව GoFundMe අරමුදල වෙත ඔබේ පරිත්‍යාග එක් කළ හැකි යි.

GoFundMe Link – https://gofund.me/f8f3af7c

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »

කවුරුත් නොදන්න වෛරස් ආසාදනයක් ගැන දැනුවත් කිරීමක්

වේදනාකාරී කුෂ්ට ඇතිකරන වෛරස් ආසාදනයක් වන ශිංගල්ස් (Shingles) පිළිබඳ ඔස්ට්‍රේලියානුවන්ගේ දැනුවත්භාවය අවම බව නවතම සමීක්ෂණයකදී හෙළිව තිබෙනවා.

Read More »