
සිඩ්නි හොබාට් යාත්‍රා තරගයේ සමස්ත ජය හිමිකර ගැනීමට අලයිව් ( Alive ) කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තරගය සමස්ත වශයෙන් ජයගත් දෙවන අවස්ථාව ලෙස මෙය සටහන් වනවා.
මීට පෙර වසර දෙදහස් දහ අටේ දී සිඩ්නි හොබාට් තරගයේ ජය හිමිවුණේ අලයිව් කණ්ඩායමට.

අඩි 66 ක් දිග යාත්‍රාව සාධක කිහිපයක් මත පළමු ස්ථානයට තේරී පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
තරගය පළමුව නිම කිරීමට සමත් වුණේ ලෝකනෙක්ට් කණ්ඩායම.

එහෙත් තරග වැදුණු ආකාරය, යාත්‍රාවේ දිග, අභියෝග වලට මුහුණ දීම සහ ඇතිවූ බාධා ආදී සාධක සැලකිල්ලට ගෙනයි, අවසන් සමස්ත ජයග්‍රාහකයා තීරණය කරන්නේ.
ඒ අනුව දින දෙකයි පැය දෙකයි විනාඩි දහනවයකදී තරගය නිමකළ Alive සමස්ත තරගයේ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.