වේග නිරීක්ෂණ කැමරා මෙහෙයවන්නන් වැඩ වර්ජනයක

ජංගම වේග නිරීක්ෂණ කැමරා පද්ධති මෙහෙයවන්නන් වික්ටෝරියාහි වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. 

වැටුප සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් පැය 48 ක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි වාර්තා වෙන්නේ. 

වැටුප් වැඩි කරන ලෙස අවස්ථා කිහිපයකදී ඔවුන්  රජයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව ඩොලර් එකයි ශත හැත්තෑවක වැටුප් වැඩිවීමක් වික්ටෝරියා ප්‍රාන්ත රජය යෝජනා කර තිබූ බවයි වාර්තා සඳහන් කරන්නේ.

ජංගම වේග නිරීක්ෂණ කැමරා මෙහෙයවන්නන් යෝජනාවට එකඟ වී නැහැ.

ඔවුන් කියා සිටින්නේ වැඩ වර්ජනයකින් තොර විකල්පයක් නොමැති බවයි.

ඒ අනුව නව වසරට පෙර දිනයේ සහ  නව වසරේ ආරම්භයේ වේග නිරීක්ෂණ කැමරා පද්ධති වික්ටෝරියාහි ක්‍රියාත්මක නොවන නිසා අවධානයෙන් මෝටර් රථ ධාවනය කරන්නැයි ප්‍රාන්ත රජය  රියදුරන්ට උපදෙස් දී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැල්වල විශේෂ වට්ටම් ගන්න ගිහින් ඔබත් මේ වංචාවට රැවටුණා ද?

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල භාණ්ඩ මිලදී ගැනීම් සඳහා විශේෂ වට්ටම් ලබා දෙන මුවාවෙන් පැවති මිලටත් වඩා වැඩි මිලකට භාණ්ඩ විකිණීම් සිදු කෙරෙන බවට චෝදනා මතුව තිබෙනවා.

Read More »

සිරුරේ අවයව නාඳුනන පුද්ගලයන්ට දෙන ඔස්ට්‍රේලියානුවන්ගේ පරිත්‍යාගශීලීත්වය

පසුගිය 2023 වසරේ වාර්තාගත ඔස්ට්‍රේලියානුවන් පිරිසක් තම වකුගඩු නාඳුනන පුද්ගලයින්ට ලබාදී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වී තිබෙනවා.

Read More »