
ක්වීන්ස්ලන්ඩ් වෙත සහන සැලසීම සඳහා කණ්ඩායමක් යැවීමට වික්ටෝරියා ප්‍රාන්තය තීරණය කළා.
ඒ අනුව හදිසි සහන සේවා නිලධාරීන් සිය දෙනෙකු ක්වීන්ස්ලන්ඩ් වෙත යනු ඇති බවයි වාර්තා වෙන්නේ.
අය අයහපත් කාලගුණය නිසා ඇති වූ ජලගැලීම් සහ කුණාටු වලින් සිදුවූ හානි ප්‍රතිසංස්කරණයට පෙර ප්‍රාන්තයේ පිරිසිදු කිරීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඊට සහාය වීම සඳහා කඩා වැටුණු ගස් ඉවත් කිරීමටත්, තාවකාලික වහල සැකසීමටත් විශේෂඥ දැනුම සහිත පුද්ගලයන් යවනු ලබන බවයි වික්ටෝරියා හදිසි සේවය පවසන්නේ.
සහන මෙහෙයුම් සඳහා විශේෂිත රථ දහයක් සහ සහායක රථයක් ද දැනටමත් ක්වීන්ස්ලන්ඩ් වෙත ගමන් අරඹා ඇති බවයි වාර්තා වෙන්නේ.
