වසරාවසානය උත්කර්ෂවත්ව සැමරීමේ සැලසුම්

ආලෝකවත් ගිණිකෙලි සංදර්ශන සහ නොයෙක් සංගීත ප්‍රසංග මඟින් 2023 වසර අවසන් කිරීමට ඔස්ට්‍රේලියානුවන් සුදානමින් පසුවනවා.

සැමරුම් සඳහා මෙල්බන් හි විශේෂ කලාප 4 ක් සකසා තිබෙන බවයි වාර්තා වෙන්නෙ.  

අලුත් අවුරුදු උදාව ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන නගර අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය ප්‍රමුඛ වනවා.

නව වසර උදාව සමඟ උත්සවය සැමරීමට ඔස්ට්‍රේලියානුවන් සිඩ්නි වෙරළ ආශ්‍රිත කලාප වෙත පැමැණෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙවර නව වසර උදාව සඳහා වෙනස්ම අත්දැකීමක් ලබාදීමට සූදානම් බව සිඩ්නි නගරයේ ගිනිකෙළි අධ්‍යක්ෂ පවසනවා.

විවිධ වර්ණයෙන් හා හැඩතලයන්ගෙන් සමන්විත ගිණි සැණකෙළි වර්ග 58 000 මෙවර සිඩ්නිහි සැණකෙළි සඳහා එක්කර තිබීම විශේෂත්වයක්.

නව වසර උදාවත් සමඟ සිඩ්නි හි ආරක්ෂාව තර කර ඇති අතර අමතර පොලිස් නිලධාරීන් 2000ක් එදිනට සේවයේ යෙදවීමට නියමිතයි.

මේ අතර බ්‍රිස්බේන් ගෝල්ඩ් කෝස්ට් ඇතුලු ප්‍රදේශ ගණනාවක් නව වසර උදාවත් සමඟ ගිණිකෙළි සංදර්ශන සැලසුම් කර ඇති බව සඳහන්.

 

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »