රක්ෂණ ක්ෂේත්‍රය අභියෝගයට

ස්වාභාවික ව්‍යසන හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ රක්ෂණ ක්ෂේත්‍රය ද  අභියෝගයට ලක්ව තිබෙනවා. 

ඔස්ට්‍රේලියා රක්ෂණ කවුන්සිලය කියා සිටියේ ක්වීන්ස්ලන්ඩ් , නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා වල ඇතිවූ ආපදා වෙනුවෙන් දහ අට දහසකට වැඩි රක්ෂණ ඉල්ලීම් ලැබී ඇති බවයි.

ඉන් 11000 කට සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ගෝල්ඩ් කෝස්ට් ප්‍රදේශයෙන්. 

සියලු දෙනාට එකවර රක්ෂණ ප්‍රතිලාභ ගෙවීම අභියෝගාත්මක බවයි රක්ෂණ කවුන්සිලය සඳහන් කරන්නේ.

කෙසේ වුවද දැඩි විනාශයකට මුහුණ දුන් දේපළ හිමිකරුවන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා ප්‍රමුඛතාව දෙන බවද සඳහන් කර තිබෙනවා.

ඉදිරි දින කිහිපයේ ද  ස්වාභාවික උවදුරු ඇතිවිය හැකි බවටයි වාර්තා වන්නේ. ඒ පිළිබඳව ද රක්ෂණ කවුන්සිලය අවධානය යොමු කර ඇති බවයි සඳහන්.

මේ අතර පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේදී දක්නට

ලැබෙන, සිදුව ඇති හානිය අවම වශයෙන් ඡායාරූප ගත කර හෝ වීඩියෝ ගතකර තබා ගන්නා ලෙසද රක්ෂණ හිමියන්ට උපදෙස් නිකුත් කර තිබෙනවා. ප්‍රතිලාභ ලබාගැනීමේදී එය වැදගත් බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »