
දියේ ගිලී මියයාම්වලට මත්පැන් ද සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙනවා.
රෝයල් ලයිෆ් සේවින්ග් ප්‍රධාන විධායක ජස්ටින් ස්කාර් පවසන්නේ දියේ ගිලී මිය යන පුද්ගලයන්ගෙන් සියයට විසිපහකට වැඩි සංඛ්‍යාවක් මත්පැන් පානය කර තිබෙන බවයි.
ඒ හේතුවෙන් ගංගා වැව් පොකුණු සහ වෙරළාශ්‍රිත මුහුදේ පිහිනීමේ දී හැකි තරම් මත්පැන් භාවිතයෙන් ඉවත්වන්නැයි, හෙතෙම ඔස්ට්‍රේලියා ජාතිකයන්ට දන්වා තිබෙනවා.

කඳවුරු ගත වෙමින් මාලු බෑම,බෝට්ටු පැදීම හෝ පිහිනීමේදී ද මත්පැන් පානය කිරීම සාමාන්‍ය තත්වයක්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එහෙත් ඉන් ජීවිත තර්ජනයක් පවතින බව දත්ත අනුව හෙළි වී තිබෙනවා.

නිවාඩු සමයේදී ඔස්ට්‍රේලියා ජාතිකයන් ඊට අවධානය යොමු කළ යුතු බවයි රෝයල් ලයිෆ් සේවින්ග් ප්‍රධාන විධායක පෙන්වා දෙන්නේ.
දියේ ගිලීමෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ නත්තල් දිනය සහ ජනවාරි පළමුදා අතර යි.
මේ වසරේ මේ වනතෙක් දියේ ගිලීමෙන් පුද්ගලයන් දහ අට දෙනකු මියගොස් තිබෙන්නේද එම කාලසීමාව තුළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.