පැන්ඩා යුවල තවදුරටත් ඔස්ට්‍රේලියාවේ

වසර 15 ක කාලසීමාවක් සදහා චීන රජයෙන් ලබාදුන් පැන්ඩා සත්ව යුවල ඔස්ට්‍රේලියාවේ රඳවා ගැනීමේ කාලසීමාව පසුගිය නොවැම්බර් මසින් අවසන් වී තිබෙනවා.

ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ වාසය කරන Wang Wang සහ Fu Ni යන පැන්ඩා යුවල 2009 වසරේ නොවැම්බර් මස චීනය විසින් වසරකට ඩොලර් මිලියනයක ණය පදනම මත මෙරටට ලබාදී තිබුණා.

පැන්ඩා සත්ව යුවල තවදුරටත් ඔස්ට්‍රේලියාවේ රදවා ගැනීමට අවස්ථාව ලබා දෙන මෙන් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් චීන රජයෙන් පසුගිය නොවැම්බර් මස ඉල්ලීමක්  කළා.

කෙසේ වෙතත් ඇඩිලේඩ් සත්ව උද්‍යානය පවසන්නේ පැන්ඩාවුන්ගේ අනාගතය සත්ව උද්‍යානය තුළ සුරක්ෂිත බවයි.

චීනය ලොව පුරා රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රක සබඳතා පුලුල් කර ගැනීම සඳහා භූ දේශපාලනික මෙවලමක් ලෙස පැන්ඩා සතුන් ලබා දීම සිදු කිරීම විශේෂත්වයක්.

මෙලෙස චීනය විසින් බදු පදනම මත ලබා දී ඇති පැන්ඩාවුන් අදාළ කාලසීමාව අවසන් වීමත් සමග චීනය වෙත කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

මීයෙක් නිසා ඇරඹුණු ශ්‍රී ලන්කන් ගුවන් ගමන් ප්‍රමාදයට විසඳුමක් ලැබෙන දිනය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය සහ අවලංගු වීම් යථා තත්ත්වයට පත්වීමට තවත් දින 5ක් පමණ ගත වනු ඇති බව එම සමාගම පවසනවා.

Read More »

පැතිර යන රෝගයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

රෝහල් හදිසි ප්‍රතිකාර අංශයකදී කුඩා දරුවෙකුට සරම්ප වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් බටහිර සිඩ්නි ප්‍රදේශයට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

මාරාන්තික කුරුලු උණ වෛරසයක් නිසා ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ අවධානයෙන්

ගෝලීය වශයෙන් මිලියන ගණනක් සතුන් මරා දැමූ H5N1 කුරුළු උණෙහි විනාශකාරී ප්‍රභේදයක් ප්‍රථම වරට ඇන්ටාක්ටිකාවේ ප්‍රධාන ගොඩබිම් කලාපයට ඇතුලත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

Read More »