Search

මෝර ප්‍රහාරවලට South Australia අවධානය

සමස්ත වෙරළ තීරය දැල් වලින් වටකර ආරක්ෂා කිරීම අපහසු කාර්යයක් බව South Australia අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. 

මුහුදු තීරය වික්ටෝරියා හා නිව් සවුත් වේල්ස් සමග බද්ධව තිබෙනවා. 

ඒ අනුව විශාල ප්‍රදේශයක මුහුදු තීරය පැතිර තිබෙන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.  

ආරක්ෂිත දැලකින් මුහුදු ප්‍රදේශය සුරැකීම  ඒ හේතුවෙන් විශාල අභියෝගයක් බව ට ඔහු පෙන්වා දී තිබෙන්නේ මෝර ප්‍රහාරයෙන් අවුරුදු පහළොවක දරුවකු ජීවිතක්ෂයට පත්වීම අවධානයට ගැනීමෙන් පසුවයි. 

South Australia අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ මෝර ප්‍රහාරවලින් මේ වසර තුළදී තුන්දෙනෙකු මියගොස් ඇති බවයි.

මෝරුන් ගැවසෙන මුහුදු ප්‍රදේශ සම්බන්ධ අනතුරු ඇඟවීමේ නිවේදන පසුගිය දින කිහිපයේ නිකුත් කරන ලද අතර, ජනතාව ඊට අවධානය යොමු නොකිරීම ද ගැටලුවක් බවයි සඳහන් වෙන්නේ.