
ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ සමග සමීපව ක්‍රියා කරන බව වැඩ බලන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇන්ඩෲ ජයිල්ස් පවසනවා.
ලෙබනනයේදී ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් ඔස්ට්‍රේලියා ජාතිකයන් දෙදෙනෙකු මිය යාමත් සමග ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි ජාතික ආරක්ෂක උපදේශකයන් පෙන්වා දෙන්නේ.
ඊට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ මියගිය එක් පුද්ගලයකු හිස්බුල්ලා ක්‍රියාකාරිකයකු බවට හෙළිව තිබීමයි.

ඒ අනුව ඔස්ට්‍රේලියා ජාතිකයන් විදේශ ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධවීමේ ඉඩකඩක් පවතින බවද, ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර සඳහා සැළසුම් සකස් කළ හැකි බවද ආරක්ෂක උපදේශකයන් පෙන්වා දී තිබෙනවා.
ඔස්ට්‍රේලියාව තුළ ද ප්‍රහාර එල්ල විය හැකි බවට ද සැක කෙරෙන බවයි සඳහන් වන්නේ.

එවැනි තත්ත්වයක් මත ඇති විය හැකි ගැටලු පාලනය සඳහා ආරක්ෂක අංශ සමග දැඩි සම්බන්ධතාවකින් ක්‍රියා කරන බව වැඩ බලන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙනවා.