ඔස්ට්‍රේලියා කැපිටල් ටෙරිටරි හි වැඩකරන දින හතරේ සතිය අත්හදා බැලීම ලබන වසරේ ආරම්භ වෙනවා.
සේවකයන්ගේ කාර්ය බහුලත්වය අවම කිරීම වෙනුවෙන් දින 4 ක් සතිය හඳුන්වාදීමේ ප්‍රතිපත්තිමය තීන්දුවකට රජය එකඟ වී තිබෙනවා.
ඒ අනුව දින 4 වැඩකරන සතිය රාජ්‍ය සේවයෙහි අත්හදා බැලීමට නියමිතයි.
පරිපාලන ක්ෂේත්‍ර හා අර්ධකාලීන සේවා ආශ්‍රිතව පළමු අත්හදා බැලීම සිදු වෙනවා.
වැටුප් හෝ සේවා කොන්දේසි මේ යටතේ වෙනස් නොවන බවයි සඳහන් වෙන්නේ.
රජය කියා සිටින්නේ දින 4 සතිය අභියෝගාත්මක තත්වයක් නිර්මාණය කරන බවයි.
එහෙත් සේවා අවශ්‍යතා සම්පූර්ණ වීම සහ කාර්යක්ෂමතාව වර්ධනය වන්නේ නම් එය යහපත් බවද ඔස්ට්‍රේලියා කැපිටල් ටෙරිටරි රජය පවසනවා.
පෞද්ගලික අංශයටද දින 4 සතිය හඳුන්වාදීමට සැලසුම් කෙරෙන අතර එහිදී භාවිත කෙරෙන ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමුව ඇති බවත් වාර්තා වෙනවා.