Search

Gippsland හානි තක්සේරුවට මාස ගණනක්

වික්ටෝරියා ප්‍රාන්තයේ  Gippsland ප්‍රදේශයට අයහපත් කාලගුණයෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා මාස ගණනක් ගතවිය හැකි බව විශ්වාස කෙරෙනවා.

පසුගියදා ඇදහැලුණු මිලිමීටර් සියයකට වැඩි වර්ෂාපතනය හේතුවෙන් ගංගා කිහිපයක් උතුරා ගියා.

ඒ හේතුවෙන් Gippsland බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවුණා.

ග්‍රාමීය මාර්ග, පාලම් සහ ජාතික උද්‍යාන ගණනාවකට ජලගැලීමෙන් දැඩි හානි සිදුවූ අතර ඇතැම් මාර්ග තවමත් භාවිතයට ගත නොහැකි පරිදි පවතින බවයි වාර්තා වෙන්නේ. 

ඇතැම් ප්‍රදේශවලට ගමනාගමනයද අපහසුව තිබෙන්නේ මාර්ග සහ පාලම් බිඳ වැටීම නිසා.

දේශයට සිදුව ඇති හානිය තක්සේරු කිරීම සඳහා මාස ගණනක් ගතවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

Gippsland ප්‍රදේශයට මීට වසර 4 කට  පෙර ලැව් ගිනි හේතුවෙන්ද දැඩි අලාභ හානි සිදු වුණා.