රිය ධාවනයේ දී GPS සහ Google මාර්ග සිතියම් නොසලකා හරින ලෙස සඳහන් දැන්විම් පුවරු ප්‍රදර්ශනය කිරීමට බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක් කටයුතු කර තිබෙනවා.
GPS තාක්ෂණය මඟින් වැරදි මාර්ග දිශාවන් පෙන්නුම්කරමින් සංචාරකයින් අනාරක්ෂිත මාර්ග වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව Google map භාවිත කිරීමෙන් වළකින ලෙස සඳහන් පුවරු මඟින් ජනතාව දැනුවත් කිරිමට පියවර ගෙන තිබෙනවා.
GPS තාක්ෂණය ඔස්සේ වඩාත් වේගවත් සහ ඉක්මන් මාර්ග ලෙස අතුරු මාර්ග පෙන්නුම් කළ ද එම මාර්ගයන් වාහන ධාවනය සඳහා ආරක්ෂිත නොමැති බව සඳහන්.
විශේෂයෙන් Google map මඟින් පෙන්නුම් කරන ඇතැම් හුදෙකලා මාර්ග අවදානම් සහිත වන අතර වර්ෂාධික කාල වල එවැනි මාර්ග භාවිත කිරීම වඩාත් අවදානම් සහගත වනු ඇති.
කෙසේ වෙතත් අදාළ පද්ධතිය නිසි පරිදි සකසන ලෙස ඊට අනුබද්ධ සමාගම් වෙත මේ වන විටත් ඉල්ලිම් රැසක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.