
උත්සව සමය තුළ ඔස්ට්‍රේලියාවේ සොරකම් සිදුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව පොලීසිය මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
ඒ අනුව නත්තල් කාලසීමාව තුළ සිදුව ඇති සොරකම් සංඛ්‍යාව සියයට විස්සකින් ඉහළ ගොස් ඇති අතර ජනතාව නිවෙස් වලින් පිටව යෑමේ දී තම දේපල සුරක්ෂිතව අගුලු දමා තබන ලෙසයි උපදෙස් ලබා දෙන්නේ.
උත්සව නිවාඩුවත් සමඟ ජනතාව ගමන් බිමන් යෑමට වැඩි කැමැත්තක් දක්වන අතර එවැනි අවස්ථාවන් සොරුන් විසින් ඉතා සූක්ෂම ලෙස භාවිත කරන බවයි වාර්තා වන්නේ.

නිවසින් පිටවිමේ දී දොර ජනේල නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වසා දැමීම වඩාත් වැදගත් වනු ඇති.
මේ අතර පසුගිය මාස 12ක කාලසීමාව තුළ නිවාස සොරකම් 2300කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.

ස්වර්ණාභරණ, මුදල් සහ ජංගම දුරකථන වඩාත් ජනප්‍රිය සොරකම් භාණ්ඩ ලෙස නම් කර තිබෙනවා.
මේ හේතුවෙන් ජනතාව තම වටිනා බඩු බාහිරාදිය ආරක්ෂිතව තබා ගැනීමට කටයුතු කළයුතු බවයි සඳහන් වෙන්නේ.