විදේශ ගුවන් ගාස්තු අඩු වනු ඇතැයි මත

ඔස්ට්‍රේලියාවේ සිට විදේශ වෙත ගුවන් ගමන් ගාස්තු අඩුවනු ඇතැයි මත පළ වෙනවා.

ලබන වසරේදී ගුවන් සේවා රැසක් පියසර වාර ගණන වැඩි කිරීමටයි සැලසුම් කර ඇත්තේ. 

ක්වන්ටාස්, සිංගප්පෝ එයාර් ලයින්ස්, තායි එයාවේස් ඇතුළු සමාගම් කිහිපයක් ඒ යටතේ ගමන් වාර වැඩි කරන බවයි, ෆ්ලයිට් සෙන්ටර් ප්‍රධාන විධායක ග්‍රැහැම් ටර්නර් පවසන්නේ.

කටාර් ගුවන් සේවය ද ඔස්ට්‍රේලියාව සමග ගමන් වාර වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව සියලු විදේශ වෙත ගුවන් ගමන් ගාස්තු අඩු විය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ. 

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »