මෝටර් රථ ගිනි ගැනීම් සම්බන්ධ පරීක්ෂණ

මෝටර් රථ දෙකක් ගිනි ගැනීම් සම්බන්ධව වික්ටෝරියා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ නිවසක් අසලදී මෝටර් රථයක් ගිනි ගන්නා බවට තොරතුරු පොලීසියට ලැබුණා.

ඉන් විනාඩි කිහිපයකට පසු පළමු සිදුවීමෙන් කිලෝමීටරයක් පමණ දුරින් තවත් මෝටර් රථයක් ගිනි ගෙන තිබෙනවා. 

සිද්ධි දෙක එකිනෙකට සම්බන්ධ ද යන්න සෙවීමට පොලීසිය ප්‍රමුඛත්වය ලබා දී ඇති බවයි සඳහන්.

ප්‍රදේශයෙන් වෙඩි හඬ ද ඇසුණු බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබෙනවා. 

මේ අතර මෙල්බන්හි පල්ලියකින් විවිධ ද්‍රව්‍ය සොරාගත් කාන්තාවක් සෙවීමේ මෙහෙයුමක් ද පොලීසිය අරඹා තිබෙනවා.

ඇය පල්ලියට ඇතුළු වී, යතුරු, මයික්‍රෆෝන්, කුරුසයක් සහ වෝකි ටෝකි කිහිපයක් සොරාගෙන ඇති බවයි හෙළිව තිබෙන්නේ.

 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »