මුහුදු යාත්‍රා ජය LawConnect ට

සිඩ්නි හොබාර්ට් මුහුදු යාත්‍රා තරගය පළමුව නිම කිරීමට ශ්‍රී ලාංකිකයෙකු ද ඇතුලත් ලෝකනෙක්ට් කණ්ඩායම සමත් වුණා.

එක් දිනක්, පැය 19 ක්, විනාඩි 3 ක් සහ තත්පර 58 කදී ලෝකනෙක්ට් යාත්‍රාවට ජයග්‍රාහී සීමාව පසු කළ බවයි සඳහන්.

පැය ගණනක් තියුණු තරගයක නිරත වූ ඇන්ඩූ කමන්ෂේ යාත්‍රාව ඊට තත්පර 51 කට පසු තරගය නිම කර තිබෙනවා.

ලෝකනෙක්ට් හිමිකරු ක්‍රිස්ටියන් බෙක් කියාසිටින්නේ තරගය පළමුවෙන් නිම කිරීම සිහින සැබෑවීමක් බවයි.

සිඩ්නි හොබාර්ට් මුහුදු යාත්‍රා තරගයේ සැබෑ ජයග්‍රාහකයා ප්‍රකාශ කිරීම ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇති.

එහිදී බාධක මත ගතවූ කාලය, බෝට්ටු වල බර සහ දිග ආදී සාධක කිහිපයක් සලකා බැලෙන බවයි සඳහන් වෙන්නේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »