දියේ ගිලීම හේතුවෙන් මියගිය ගණන 281

වසරේ මේ දක්වා ගතවු කාලසීමාව තුළ දියේ ගිලීම හේතුවෙන් මියගිය ගණන 281 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම අගය වසර 10කට අදාළ සාමාන්‍ය අගය ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියයන පුද්ගලයින් අතුරින් සියයට 77ක් පිරිමි පුද්ගලයින් වන අතර ඉන් සියයට 55ක් වයස අවුරුදු 45 ඉක්මවු වැඩිහිටි පුද්ගලයින් බව සඳහන්.

දියේ ගිලීම් ආශ්‍රිත අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ නාගරික ප්‍රදේශයන්ගෙන වන අතර එම අගය සියයට 44ක්.

ගංගා සහ වෙරළ ආශ්‍රිතව දියේ ගිලීමේ අනතුරු බහුලව සිදුවන අතර මෙලෙස මියයන්නන්ගෙන් සියයට 33ක් ජලයේ පිහිනීම හෝ විනෝද ක්‍රියාකාරකම්වල නිරතවුවන් බව සඳහන්.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියා ජීවිතාරක්ෂක අංශ පවසන්නේ අනාරක්ෂිත ස්ථාන වල දියනෑමට යෑමේ දි වඩාත් අවධානයෙන් පසුවන ලෙසයි.

 

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »