සැඩ පහරට හසුවූ තරුණියක් සහ සුනඛයා ආරක්ෂිතව 

වික්ටෝරියා හී Werribee ගංඟාව තුළ සැඩ පහරට හසුව ගසාගෙන යමින් සිටි තරුණියක් සහ ඇගේ සුනඛයා ආරක්ෂිතව  ගලවා ගැනීමට ආපදා කළමණාකරණ අංශ සමත් වි තිබෙනවා.

තරුණිය තම සුරතලා සමග Werribee ගංඟාව ආශ්‍රිතව ගතකරමින් සිටිය දී සුනඛයා ජලයට  පැන ඇති බවයි වාර්තා වන්නේ.

ගංගාවේ ජල මට්ටම ඉහළ ගොස් තිබීම හේතුවෙන් ගොඩට පැමිණිමට නොහැකි සුනඛයා බේරා ගැනීමට අදාළ තරුණිය ද ගඟට පැන තිබුණා.

කෙසේ වෙතත් ජල පහරට හසුවීමෙන් දෙදෙනාම පහලට ගසාගෙන ගොස් ඇති අතර අතුපතරක් මත රැදි සිටීමට ඔවුන් උත්සහ කර තිබෙනවා.

හදිසි සේවා ඇමතුම් මධ්‍යස්ථානයට ලද තොරතුරක් අනුව අපදා සහන අංශ විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ ඔවුන් ගලවා ගැනීමට හැකිවුණා.

මෙම දින වල ජලය ආශ්‍රිත ස්ථාන වල ගැවසෙන්නේ නම් වැඩි අවධානයෙන් පසුවන ලෙස ජිවිතාරක්ෂක අංශ ජනතාවට අවධාරණය කර තිබෙනවා.

 

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »