
ඔස්ට්‍රේලියාවේ ආහාර ප්‍රමාණවත්ව නොමැති පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
වාර්තා අනුව පෙනී යන්නේ මිලියන 3.7කට වැඩි පවුල් ඒකක සංඛ්‍යාවක් ආහාර අනාරක්ෂිත භාවයට මුහුණපා ඇති බවයි.
එම පවුල් අතුරින් සියයට 77ක් පළමුවරට පසුගිය වසරේ දී ආහාර අනාරක්ෂිත භාවයට මුහුණපා ඇති පවුල් වීම විශේෂත්වයක්.

පවතින ජීවන වියදම හමුවේ ආධාර ඉල්ලා ලැබෙන ඇමතුම් සංඛ්‍යාව ද දෛනිකව ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියා පුණ්‍යායතන පවසනවා.
ජනගහනයෙන් සියයට 48ක් දැනටමත් ප්‍රමාණවත් ආහාරවේලක් ලබා නොගන්නා අතර තවත් සියයට 23ක් දැඩි ආහාර අනාරක්ෂිතභාවයකින් පෙළෙන බව සඳහන්.

ඔස්ට්‍රේලියා සමාජ සේවා කවුන්සිලයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී එඩ්විනා මැක්ඩොනල්ඩ් පවසන්නේ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන පුද්ගලයින් සඳහා ෆෙඩරල් රජය ඉතා ඉක්මනින් මැඳිහත්වීමක් සිදුකළ යුතු බවයි.