පැට් කමින්ස් ලකුණු 37 කට කඩුලු 3 ක්

මෙල්බන්හි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වනවිට පාකිස්ථානය කඩුලු 6 ක් දැවී ලකුණු 194 ක් ලබා සිටියා. 

ආරම්භක පිතිකරු අබ්දුල්ලා සෆීක් සහ නායක ශාන් මසූඩ් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුණා. 

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත්තා.

නේදන් ලයන් කඩුලු දෙකක් බිඳ හෙළා තිබෙනවා. 

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු සංඛ්‍යාව 318 ක්.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »