අගමැතිට දේශපාලන පීඩනයක් – ජේම්ස් පැටර්සන්

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ ක්‍රියාකලාපය, ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින ඊශ්‍රායල තානාපති අමීර් මයිමන් විවේචනය කිරීම සාධාරණ බව ඡායා ස්වදේශ අමාත්‍ය ජේම්ස් පැටර්සන් පවසනවා.

ඔස්ට්‍රේලියා අගමැති ගාසා ගැටලුව සම්බන්ධව පරස්පර ප්‍රකාශ කරන බවට අමීර් මයිමන් චෝදනා කළා. 

ඔහු කියාසිටියේ, ගාසා හි සටන් විරාමයක් සඳහා පෙනී සිටින ඇල්බනීස්, තවත් විටෙක ගාසා පාලනය හමාස් වෙත හිමි නොවිය යුතු යැයි කියාසිටින බවයි. 

එය එකිනෙකට පරස්පර බව සැබවින්ම තහවුරු වෙන බව ජේම්ස් පැටර්සන් පෙන්වා දෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයෙන් පැහැදිලි වන්නේ ඔහුට දේශපාලන පීඩනයක් ගොඩ නැගී ඇති බව යැයි පැටර්සන් ගේ අදහසයි. 

කෙසේවෙතත්, රජය පැහැදිලි ස්ථාවරයක නොසිටීම ගැටලු සහගත බව ඊශ්‍රායලය විශ්වාස කිරීම සාධාරණ බවයි ඡායා ස්වදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »