නත්තල් හා Boxing day හිදී ඔස්ට්‍රේලියාවේ මියගිය සංඛ්‍යාව 10 ක්. 

නත්තල් දින හා Boxing day හිදී ඔස්ට්‍රේලියාවේ මියගිය සංඛ්‍යාව 10 දක්වා වැඩිවී තිබෙනවා. 

නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිතව හටගත් කුණාටු තත්වය සමග පුද්ගල මරණ වැඩි වී ඇති බවයි වාර්තා වෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට ඇතිවූ හදිසි ජල ගැලීම් හේතුවෙන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. 

ඉන් එක් අයෙකු කාන්තාවක් බවයි පොලිසිය පවසන්නේ.

වික්ටෝරියාහි නැගෙනහිර ප්‍රදේශයේ ගසක අත්තක් කඩා වැටීමෙන් එක් අයෙකු මිය ගියා.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් හි විශාල බෝට්ටුවක් පෙරළීමෙන් තුන් දෙනෙකු මියගොස් ඇති අතර, ජල ගැලීම් වලට ගොදුරුවීමෙන් තවත් කාන්තාවක් මිය ගිය බවයි පොලීසිය සඳහන් කරන්නේ. 

අයහපත් කාලගුණය නිසා ක්වීන්ස්ලන්ඩ් සිට වික්ටෝරියා දක්වා නිවාස රැසකට සහ ව්‍යාපාරික ස්ථාන රැසකට හානි සිදුව තිබෙනවා.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »