Casino සමාජශාලාවකට නඩු

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පිහිටි විශාලතම කැසිනෝ සමාජශාලාවකට එරෙහිව සමලිංගික කාන්තා යුවලක් නඩු පවරා තිබෙනවා.

අදාළ සමලිංගික කාන්තා යුවල සමාජ ශාලා පරිශ්‍රය තුළ සිපවැළඳ ගෙන ඇති අතර එම අවස්ථාවේ සමාජශාලාවේ සිටි ආරක්ෂක නිලධාරීන් විසින් 2019 වසරේදී ඔවුන් අත් අඩංගුවට ගෙන තිබුණා.

කෙසේ වෙතත් එම යුවල පවසන්නේ විරුද්ධ ලිංගික යුවල් සමාජශාලා පරිශ්‍ර තුළ සිප ගැනීම් සිදු කළද ආරක්ෂක නිලධාරින් ඒ සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් සිදු නොකළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට සිදු වු අපහසතාව පිළිබඳ කරුණු දක්වමින් අගතියට පත් යුවල අධිකරණය හමුවේ නඩු පැවරීමටයි පියවර ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනීමට පෙර ආරක්ෂක නිලධාරීන් තමන්ට හිරිහැර සිදුකර ඇති බවයි ඔවුන් පවසන්නේ.

කායික මානසීක හිරිහැර මෙන්ම තමන්ට සිදුවු ලැජ්ජාව හේතුවෙන් යුවල අදාළ ආරක්ෂක සංගමයෙන් වන්දි ඉල්ලා තිබෙන බව සඳහන්.

අදාළ ආරක්ෂක නිලධාරින් පෙන්වා දෙන්නේ මත්පැන් පානය කර සමාජශාලාව තුල හැසිරීම මත අදාළ යුවළට ඉන් පිටව යන ලෙස අවවාද කළ බවයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා පොලීසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »