වික්ටෝරියා ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීම්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට අයහපත් කාලගුණය සම්බන්ධ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Emergency Victoria සඳහන් කරන්නේ කේප් කොන්රන් ප්‍රදේශයේ මුහුදු කලාපයේ සහ ලේක් ටයර්ස් හි පිහිණීම හෝ වෙනත් ක්‍රියාවල නිරතවීමෙන් වැළකිය යුතු බවයි. 

මුහුදු ප්‍රදේශයේ මෝරුන් ගැවසෙන බවයි ඔස්ට්‍රේලියා ෆිෂරීස් පෙන්වා දෙන්නේ.

ස්නෝවි ගංගාව ආශ්‍රිත ප්‍රදේශයේ ජලගැලීම් පිළිබඳ අවධානය යොමුකරන ලෙස ද ජනතාවට දැනුම් දී තිබෙනවා. 

බූචන් ගංගාව ආශ්‍රිතව ජලගැලීම් වාර්තා වන අතර පහත් බිම් රැසක් ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ. 

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »