ගෘහස්ථ හිංසන සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ අවධානය

ගෘහස්ථව සහ පවුල් ආශ්‍රිතව සිදුවන හිංසන සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ අවධානය යොමුව තිබෙනවා.

උත්සව සමයේදී එවැනි ගැටලු වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බවයි වාර්තා වී තිබෙන්නේ.

පසුගිය වසරේදී දෛනිකව හිංසාකාරී ක්‍රියා දෙසිය හතළිහක් පමණ වාර්තා වුණා. 

නත්තල් සමයේදී එය 358ක් දක්වා  වැඩි වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ හේතුවෙන් මෙවර නත්තල් සමයේදී පවුල් ආශ්‍රිත හිංසාකාරී ක්‍රියා වැළැක්වීමට වික්ටෝරියා පොලිසිය දැඩි අවධානය යොමු කළා.

පැය 24 පුරා තොරතුරු ලබාගැනීමේ වැඩ පිළිවෙලක් ඒ අනුව සකසා තිබෙනවා. 

වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබාදීමටද සැලසුම් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. 

පවුල ආශ්‍රිතව හෝ ගෘහස්ථව සිදුවන හිංසාකාරී ක්‍රියා පිළිබඳව ඊට ලක්වන්නන් හෝ ඒ පිළිබඳ දැනුවත් වන්නන් පොලිසියට දැනුම් දීම අත්‍යාවශ්‍ය බවද පොලිස් ප්‍රකාශකයෙක් පවසනවා.

 

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »