අයහපත් කාලගුණයෙන් මරණ 7 ක්

අයහපත් කාලගුණය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීර ආශ්‍රිත කලාපවලදී පුද්ගලයන් හත් දෙනෙකු මියගිය බවයි සඳහන් වෙන්නේ. 

ඒ අතර තරුණ ගැහැණු දරුවෙක්ද වන බවයි පොලිසිය පැවසුවේ. 

බ්‍රිස්බේන් වෙරළ තීරයට මදක් දුරින් බෝට්ටුවක් පෙරළී යාමෙන් තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. 

එක් අයෙකු අතුරුදන්ව සිටින අතර ඔහු සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

වික්ටෝරියාහි කාන්තාවක් ජලගැලීමෙන් මියගිය අතර ඇගේ සිරුර හමුව ඇත්තේ ජලය බැස යෑමෙන් පසුවයි. 

ක්වීන්ස්ලන්ඩ් හි අයහපත් කාලගුණය නිසා මියගිය සංඛ්‍යාව 5 ක් බවයි වාර්තා වෙන්නේ. 

තවත් දෙදෙනෙකු අතුරුදන් බවද පොලිසිය සඳහන් කළා.

අයහපත් කාලගුණය සහ මාර්ග අනතුරු පිළිබඳව ජනතාව දැඩි අවධානයක් යොමුකළ යුතු අවස්ථාවක් එළඹ ඇති බවයි, පොලිසිය පෙන්වා දෙන්නේ.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »