ලේබර් රජයට කාන්තාවන්ගේ අප්‍රසාදය

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ගේ ලේබර් රජයට කාන්තාවන්ගේ අප්‍රසාදය පළවන බවයි, අධ්‍යයනයකින් හෙළිව තිබෙන්නේ.

අවුරුදු 35 ත්, 49 ත් අතර කාන්තාවන්ගෙන් අධ්‍යයනයේදී දත්ත රැස්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී වත්මන් රජයේ ක්‍රියාකාරීත්වය අනුමත කර ඇත්තේ සියයට 30 ක් පමණයි.

එහෙත් ප්‍රතිවාදී සන්ධානයට සියයට 36 ක ප්‍රසාදයක් පලවී ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ. 

අවුරුදු 35 ත් 49 ත් අතර පුද්ගලයන්ගේ කැමැත්ත, රජයක් පිහිටුවීමේ දී ප්‍රබල සාධකයක් බවට පත්වනු ඇතැයි අධ්‍යයන වාර්තාව සදහන් කර තිබෙනවා. 

එහෙත් සමස්ත පුද්ගලයන්ගේ මතය අනුව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්, විපක්ෂ නායක පීටර් ඩටන් ට සාපේක්ෂ ජනප්‍රිය බවයි, හෙළිව ඇත්තේ. 

දෙදෙනා අතර පරතරය සියයට 11 ක් බව සඳහන්.

 

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »